19.7 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 07ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 07ක් මරුට

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 150ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
—————————————

ඇෆ්ගනිස්ථානයට සහ පිලිපීනයට ප්‍රබල භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් යුක්ත වූ බවය.

කෙසේ නමුත් හටගත් භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර එම නගරයේ තලේබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පළාතේ සියලුම දිස්ත්‍රික්කවල සුළු තුවාල සහ මතුපිට හානි පිළිබඳව වාර්තා ලැබී ඇති බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන බවත් භූමිකම්පාව ඇති වූ විට නගරයේ බොහෝ පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී වීදිවලින් දිව ගොස් ඇති බවය.

මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශයේ 6.0ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 1,000කට අධික පිරිසක් මිය ගොස් මාස දෙකක් ගත වීමත් සමගය.

පිලිපීනයටත් භූමිකම්පාවක්

පිලිපීනයේ නෙග්‍රොස් සහ ඒ අවට පළාත්වලටද භූමිකම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 5.5ක අගයකින් කිලෝමීටර් 89ක ගැඹුරකින් යුතුව මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇත.

භූකම්පනයෙන් පසු කම්පන තත්ත්ව අපේක්ෂා කරන බවද පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කුණාටු සහ ධාරානිපාත වැසි අනතුරු ඇඟවීමකුත්

මේ අතර පිලිපීනයේ වෙරළට ඔබ්බෙන් ඇති දරුණු නිවර්තන සුළි කුණාටුවක් සම්බන්ධවද එරට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා තිබේ.

එම කාර්යාංශය සඳහන් කර ඇත්තේ ටිනෝ නම් වූ මෙම නිවර්තන කුණාටුව තවත් ත්‍රීව වීමත් සමග එරට අධික වැසි හා ධාරානිපාත වර්ෂා තත්ත්වයක්ද ඇති විය හැකි බවය.

පැයට කිලෝමීටර 100 සිට 110ක් දක්වා උපරිම සුළං වේගයක් ඇති විය හැකි බවත් මින් පෙර අනතුරු අඟවා තිබුණද මේ වන විට එය පැයට කිලෝමීටර 125 සිට 135 දක්වා ඉහළ ගොස් ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ටිනෝ සුළි කුණාටුව තවමත් සුළි කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇතැයිද එය පැයට කිලෝමීට 150 සිට 165 දක්වා උපරිමයකට ළඟා විය හැකි බවත් එරට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා ඇතැයිද වාර්තා වේ.

https://sinhala.adaderana.lk/news/216490

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here