20.8 C
Sri Lanka
Friday, December 19, 2025
HomeLatest Newsබංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශය යළි ඇවිළෙයි

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...

මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ 05ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර...
spot_imgspot_img

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි නමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ යළි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරකට හාඩි ලක්විය.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත්ව තිබේ.

2024 අරගලයෙන් පසු බංග්ලාදේශය මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩිතැබීම සිදුවීම සුවිශේෂීය.

ඔහු එහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගකිරීමට තීරණය කර තිබූ බව සඳහන්.

ඒ අනුව ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම විරෝධතා ආරම්භ කර කිබේ.

අනතුරුව ඔවුන් බංග්ලාදේශ ප්‍රධානම පුවත්පත් වන ‘ද ඩේලි ස්ටාර්’ සහ ‘ප්‍රෝතොම් අලි’ කාර්යාලවලට දැඩි ලෙස හානිකර, ඉන් එක් ගොඩනැගිල්ලකට ගිනිතබා තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර, ගිනිනිවන භටයින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් බේරාගෙන ඇත.

32 හැවිරිදි හාඩි, ඉන්කිලාබ් මන්චා නම් ශිෂ්‍ය විරෝධතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අතර, අසල්වැසි ඉන්දියාව ප්‍රසිද්ධියේම දැඩි ලෙස විවේචනය කළ අයෙකු බව සඳහන්. 

බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්, හාඩිගේ මරණය “සිට රටට ආපසු හැරවිය නොහැකි පාඩුවක්” ලෙස හඳුන්වා තිබේ.

මෙම වෙඩිතැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත්, කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ මැතිවරණය අඩපණ කිරීමත් ඔහු පවසයි.

එමෙන්ම අන්තර්කාලීන රජය හෙට (20) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ නමුත් මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

සති ගණනක් පැවති ශිෂ්‍ය විරෝධතාවලින් පසුව, වසර 15ක් පුරා පැවති ඒකාධිපති පාලනය අවසන් කරමින් හසීනා පසුගිය වසරේ අගෝස්තු 5 වන දින ඉන්දියාවට පලා ගියාය.

කෙසේ නමුත් මෙම අරගලයෙන් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්වූහ.

https://sinhala.adaderana.lk/news/218578

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here