24.3 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsඅයහපත් කාලගුණයෙන් දකුණු අප්‍රිකාවට දැඩි බලපෑම්..

අයහපත් කාලගුණයෙන් දකුණු අප්‍රිකාවට දැඩි බලපෑම්..

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතට බලපෑ ඇති අධික වැසි, ගංවතුර සහ හිම සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් රැසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙහිදී ගංවතුරකට හසුවීමෙන් පාසල් දරුවන් රැගත් කුඩා බස් රථයක් ගසාගෙන ගොස් ඇති අතර, එහි තිබී මළසිරුරු 8ක් දැනට සොයාගෙන ඇත.

එහි දරුවන් කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න පැහැදිලිව සොයාගෙන නොමැති අතර, තිදෙනෙකු ජීවතුන් අතර සිටින බව වාර්තා වේ.

මේ අතර ටැම්බෝ දිස්ත්‍රික්කයෙන් ගංවතුරට හසු වූ හත් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

එමෙන්ම දැඩි හිම, වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස 500,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය නොමැති බව වාර්තා වේ.

KwaZulu-Natal පළාත දැඩි හිම සහිත තත්ත්වයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ප්‍රදේශයයි.

අධික හිම පතනය හේතුවෙන් ලොරි රථ මාර්ගවල සිරවී ඇති අතර, ඒ හේතුවෙන් විශාල මාර්ග තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

හිම අඩි 2කට වඩා ඉහළට පැමිණීම වැළැක්වීමට එම මාර්ගවල හිම ඉවත්කිරීමේ යන්ත්‍ර ස්ථානගත කර ඇත.

ජුනි සිට අගෝස්තු දක්වා කාලය දකුණු අප්‍රිකාවේ ශීත කාලය වන අතර, මෙම කාලසීමාවේ දිනපතා හිම පතනයක් දක්නට ලැබේ.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here