29.3 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeGossipෆින් ඇලන් T20 ලෝක වාර්තාවක් අලුත් කරයි

ෆින් ඇලන් T20 ලෝක වාර්තාවක් අලුත් කරයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය. 

අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගාවාරය ආරම්භකරමින් පැවති තරගයේදී ඔහු මෙම සුපිරි වාර්තාව පිහිටු වීය.

සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ෆින් ඇලන්, වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතා දැක්වීය.

මෙහිදී ඇලන් පන්දු 49කින් ලකුණු 150 සම්පූර්ණ කළේය.

පන්දු 51කින් ගොඩනැගුණු ඔහුගේ සම්පූර්ණ ඉනිමට හයේ පහර 19ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.

ඇලන් විසින් බිඳදමනු ලැබුවේ 2022 වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් එරට විස්සයි20 ලීගයේදී පන්දු 52කින් ලකුණු 150 සම්පූර්ණ කර පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර මෙම තරගයේ දී ඇලන් හයේ පහර 19ක් එල්ලකළ අතර, එයද විස්සයි20 තරගයකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව විය.

ඔහු විසින් බිඳදමනු ලැබුවේ ක්‍රිස් ගේල් සහ එස්තෝනියාවේ සහිල් චෞහාන් හයේ පහර 18 බැගින් එල්ලකර පිහිටුවා තිබූ වාර්තායි.

මෙරට වේලාවෙන් අද (13) පෙරවරුවේ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 269/5ක් රැස්කළේය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට පන්දුවාර 13.1කදී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

ෆින් ඇලන් T20 ලෝක වාර්තාවක් අලුත් කරයි

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here