18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsරට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි 05ක අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ලද පැමිණිලිවලට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබූ බවය.

ඒ අනුව සැකකරු මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ කිරුලපන ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සිදුකළ විමර්ශන වලිදී අනාවරණය වී ඇත්තේ සැකකරු පුද්ගලයින් 150කගෙන් පමණ  මෙලෙස මුදල් වංචා කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here