29.3 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsඅල්ලස් ගත් හිටපු ඉඩම් නිලධාරියකුට වසර 22ක සිරදඬුවමක්

අල්ලස් ගත් හිටපු ඉඩම් නිලධාරියකුට වසර 22ක සිරදඬුවමක්

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද (25) නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, අල්ලස් පනතේ 26වන වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළේය.

එම දඩ මුදල ද නොගෙවන්නේ නම් අමතරව වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් විය. 

ඊට අමතරව අගතියට පත් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ඉඩම් නිලධාරියකු වන  67 හැවිරිදි තැනැත්තෙකුටය.

පැමිණිලිකරු විසින් මහවැලි කලාපයේ තිබෙන ඉඩම්වල ගස් මිලදීගෙන ඒවා කපා මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

මෙසේ මිලදී ගත් ගස් කැපීම සඳහා පැමිණිලිකරු විසින් ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිට ඇති අතර, එම බලපත්‍ර ලබාදීම සඳහා විත්තිකරු විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබේ.

පසුව 2016 වසරේ මාර්තු මස 14 වනදා අදාළ අල්ලස් මුදල විත්තිකරු විසින් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉල්ලා තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවය. 

ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here