18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeEducationනොමිලේ ජපන් රැකියා හිමිවූ අලුත්ම කණ්ඩායම

නොමිලේ ජපන් රැකියා හිමිවූ අලුත්ම කණ්ඩායම

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මෙම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04ක්, නිෂ්පාදන රැකියා සඳහා 04ක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08ක් අයත්ය.

ඒ අනුව මෙම පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඊයේ (25) සිදු කළේය.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස මෙම පිරිස ජපානය වෙත යොමුකරනු ලබයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වනවිට පුහුණුලාභීන් 589ක පිරිසක් ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර තිබේ.

එමෙන්ම තවත් 100කට අධික පිරිසක් පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බවද එම කාර්යාංශය පැවසීය.

මේ අතර නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහායදීමේ වැඩපිළිවෙළක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව ඇත.

https://sinhala.adaderana.lk/news/211579

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here