25.2 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeGossipවිදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.

එකී තීන්දුව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පහත පරිදි සාරාංශගත කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

•8(2) වගන්තියෙහි සඳහන් කමිටුවේ සාමාජිකයන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වගකිව යුතු බවට යෝග්‍ය පරිදි සංශෝධනය කළ යුතු ය. 

•13(1)(ඇ) වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් එය අනුමත කළ යුතු ය. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

•13(1)(ආ) වගන්තියෙහි විවිධාංගීකරණයේ දෙවන අදියරෙහි දී සේවකයින් මාරු කිරීම සහ සේවකයින් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවන බැවින් අපැහැදිලි හා අත්තනෝමතික වේ. එබැවින් මෙම වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතු ය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි එම වගන්තිය සංශෝධන කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

•13(2) වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථා උල්ලංඝනය වේ. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි මෙම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)” (එල්. ඩී.- ඕ. 19/2025) සහ “සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)” (එල්. ඩී. – ඕ. 20/2025) නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ද කථානායකවරයා වෙත ලැබී ඇති බවත් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පනත් කෙටුම්පත්වල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවත් තවද, “සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පළමුව සරල බහුතර ඡන්දයකින් සම්මත කර නීතියක් බවට පත් වූ පසු මෙම පනත් කෙටුම්පත් සරල බහුතර ඡන්දයකින් සම්මත කර නීති බවට පත් කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “සමාගම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වනු ලැබීය.

ඒ අනුව කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සෑහීමට පත්වන බැවින්, S.C. (SD) 19/2025 සහ S.C. (SD) 20/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති හෙයින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා නොදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය මගින් දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

https://sinhala.adaderana.lk/news/211683

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here