29.3 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeGossipවිශ්‍රාමික ගුරුවරියට මරු කැඳවූ අනතුර

විශ්‍රාමික ගුරුවරියට මරු කැඳවූ අනතුර

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති අතර, ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පොකුණු විට හංස උයන පදිංචිව සිටි පි ඒ සුමනාවතී නම් 62 හැවිරිදි තිදරු මවකි.

යතුරුපැදිය පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා ආබාධිත සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අද (30) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

https://sinhala.adaderana.lk/news/211682

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here