27.4 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsදැවැන්ත කොටස් ගනුදෙනුවකින් පසු අද පිරිවැටුම රු. බිලියන 7.6 ඉක්මවයි

දැවැන්ත කොටස් ගනුදෙනුවකින් පසු අද පිරිවැටුම රු. බිලියන 7.6 ඉක්මවයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (01) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගත් අතර රු. බිලියන 7.63 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. ප්‍රධාන වශයෙන් LOLC ෆිනෑන්ස් සමාගමේ සිදුවූ කොටස් ගනුදෙනුවක් අද දින මෙලෙස ඉහළ පිරිවැටුමක් වාර්තා වීමට හේතුවී තිබුණි. එහිදී LOLC ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 550ක්, කොටසක් රු. 6.00 බැගින් හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 3.3ක පිරිවැටුමක් එම ගනුදෙනුව හරහා පමණක් වාර්තා වී තිබුණි.

වාර්තාවන අන්දමට මෙම කොටස් ගනුදෙනුව LOLC සමූහයේ අභ්‍යන්තර කොටස් ගනුදෙනුවක් වන අතර එහිදී විදේශීය පාර්ශවයක් විසින් කොටස් විකිණීම සිදුකර ඇත. ඒ අනුව අද දින රු. බිලියන 3.43 ක විදේශීය විකිණුම් වාර්තා වන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 67ක් ලෙසින් සටහන් වේ. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 7.56 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.19ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ (30) දිනයේ දී ඉතිහාසයේ පළමු වතාවට ඒකක 18,000 සීමාව ඉක්මවා ගිය සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී එම සීමාවෙන් මෙපිටට ඇවිත්, දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 17,996.73 ක් ලෙසින් සටහන් විය. එහිදී ඒකක 29.99 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වී තිබේ. S&P SL20දර්ශකය ඒකක 9.54කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 5,342.97 ක් ලෙසින් සටහන්ව ඇත.

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී සමාගම් 77ක් කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර සමාගම් 133 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණේය. එහිදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙන්ට්‍රල් ෆටිනෑන්ස්, බුකිට්ඩාරා සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර HNB, NDB, CT හෝල්ඩිංග්ස්, CDB සහ කාර්සන්ස් කම්බබැච් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් මිල දර්ශකවලට සෘණාත්මකව බලපා තිබුණි.

https://biz.adaderana.lk/%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%92/

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here