20 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeWorldලංකාවම කථාවෙන Starlink

ලංකාවම කථාවෙන Starlink

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් අද (2) නිවේදනය කළේය.

වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අන්තර්ජාල චන්ද්‍රිකා පද්ධතිය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2019 වසරේදීය.

එතැන් පටන් මේ දක්වා රටවල් 130කට අධික සංඛ්‍යාවක මෙය භාවිතා වේ.

Starlink චන්ද්‍රිකා පද්ධතිය, පහළ පෘථිවි කක්ෂයේ පිහිටා තිබීම තුළින් වඩාත් වේගවත් සහ බාධාවකින් තොරවූ අන්තර්ජාල පහසුකම් පරිශීලකයින්ට ලබාදීම සිදු කෙරේ.

මේ වන විට එම චන්ද්‍රිකා 7,000කට අධික සංඛ්‍යාවක් කක්ෂගත කර ඇති අතර, එය 2026 වසරේදී 12,000 දක්වාත් ඉදිරියේදී එම ගණන 30,000 ඉක්ම වූ අගයක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

මෙහි ගෘහස්ථ පද්ධතිය, සවිකිරීමට ඉතා පහසු රවුටරයක් ආකාරයෙන් පැමිණේ.

බාගත වේගය 50mbps – 250mbps අතර ඉහළ අගයක් ගන්නා බව SpaceX සමාගම පවසයි.

https://sinhala.adaderana.lk/news/211788

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here