21.4 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsආරුක්කු 9ය පාලම නැරඹීමට රාත්‍රී කාලයේදීත් අවස්ථාව දෙන්න යයි

ආරුක්කු 9ය පාලම නැරඹීමට රාත්‍රී කාලයේදීත් අවස්ථාව දෙන්න යයි

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසිමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.

“මේක වැඩිදියුණු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කළාට පස්සේ මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවෙයි. දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.”

දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා අදහස් පළ කළා.

“මේක සකස් කරලා තියෙන්නේ සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. අගෝස්තු මාසයේ මුල වෙනවිට මේක සංවර්ධනය කරලා සංචාරකයින් සඳහා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.”

https://sinhala.adaderana.lk/news/212368

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here