19.2 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest Newsදිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී

දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම අලුත උපන් දරුවා වෙල්යායේ ගසක් යට සිටිනු දැක තිබුණි.

පසුව ඔහු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත. 

ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර එම ස්ථානයට පැමිණි කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේ බිලිඳා දෑතට ගන්නා ලෙසය.

කෙසේ වෙතත් කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ සිටි තරුණයෙකු සිය T ෂර්ටය ගලවා බිළිදා ආවරණය කරමින් දෑතට ගැනීමට ඉදිරිපත් වී තිබේ.

අනතුරුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බිළිඳා එම ස්ථානයෙන් රැගෙන ගොස් මාවතගම රෝහලට ඇතුළත් කෙරිණි.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පැවසුවේ බිලිඳා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. 

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීහු පියවර ගත්හ.

බිළිඳා මෙම ස්ථානයේ අත්හැර දමා ගියේ කවුරුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

https://sinhala.adaderana.lk/news/212362

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here