29.3 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest Newsමේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක්

මේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක්

Date:

Related stories

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට...

වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය...

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු...

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව...

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ...
spot_imgspot_img

මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරිය පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවය.

එම කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිනිලි 5,461ක් ලැබී ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතට අදාළ පැමිණිලි 4,501ක් සහ පනතට අදාළ නොවන පැමිණිලි 960ක් ඒ අතර වන බව සඳහන්ය.

මේ වසරේ පළමු මාස 7 තුළ ළමුන් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 141ක් ලැබී ඇති අතර ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

අදාළ කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 1,126ක් වේ.

ළමුන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇති අතර ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ලැබී තිබේ.

මේ වසරේ ගත වූ පළමු මාස 7 තුළ ළමයින්ට එරෙහි සයිබර් හිංසන 81ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ලැබී ඇති අතර ළමා විවාහ තුනක් සහ ගබ්සා කිරීම් එකක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

https://sinhala.adaderana.lk/news/214148

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here