Home Latest News ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

0
3

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

1972 වසරේ සිට දශක පහකට වැඩි කාලයක් කාලීන පාරිසරික තේමාවක් යටතේ පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීමට සහ ගෝලීයව පැන නගින පාරිසරික ගැටලු පිළිබඳ ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරදීම පිණිස මෙම දිනය නම් කර තිබේ.

මෙවර ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් “Urgent Climate Action” (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම තේමාව මඟින් අවධාරණය කෙරේ.

ඒ අනුව, අද පැවැත්වෙන ජගත් පරිසර දිනයේදී  කඩිනම් දේශගුණික ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම සහ ඉහළ යන උෂ්ණත්වය කළමනාකරණය කිරීම සඳහා ගෝලීය උත්සහායන් වේගවත් කිරීම අවධාරණය කරනු ලබන බව  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන දේශගුණික විපර්යාස වර්තමානය වන විට ප්‍රධානතම මානව අභියෝගය ලෙස සමස්ත ලෝකවාසීන් විසින් හඳුනාගෙන ඇති බව එහි සඳහන්ය.

මෙය මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මගින් හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදා හැරීමේ සෘජු ප්‍රතිඵලයක් බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව විසින් තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය මගින් ප්‍රකාශ කර ඇති පරිදි, ඉදිරි දශක කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය  සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු  නොවුනහොත් මෙම සියවස තුල ගෝලීය උෂ්ණත්වය  සෙල්සියස් අංශක දෙකයි දශම නවයකින් ඉහළ යා හැකි බවත්, එමඟින් පෘතුවිය මත ජීවත්වන සියලු ජීවීන්ට අහිතකර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට මත පලවෙයි.

එම නිසා ලොව සියලු රාජ්‍යයන් විසින් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව තිබෙන බව සඳහන්ය.

පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතය, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ දැමීම, වන වගාව කසළ ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රියාමාර්ග හරහා බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකාර්මාන්තය, වන සම්පත් හා ඝන අපද්‍රව්‍ය  යන ක්ෂේත්‍රවලින් සිදුවන කාබන් විමෝචනය අඩු කිරීම මගින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහිත අනාගතයක් වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවද දේශගුණික විපර්යාස වල දැඩි බලපෑමට ලක්ව ඇති අතර අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයකින් පසුව ඇතිවන හදිසි ජලගැලීම් හා නායයෑම් දීර්ඝ වියළි කාලගුණික තත්ත්වයක් හේතු කොටගෙන ඇතිවන ජල හිඟය ආදී ආන්තික කාලගුණික තත්ත්වයන් සුලභ තත්වයන් බවට පත්ව තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට සක්‍රීයව දායක වෙමින් ” දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු” යන දේශීය තේමාව  පෙරදැරිව පරිසර සංරක්ෂණ අරමුණු කරගනිමින්  ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය සමරනු ලබයි.

ඒ අනුව පරිසර දින වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව පරිසර අමාත්‍යය ධම්මික පටමැදි මහතා පැවසීය.

පරිසරය ආරක්ෂා කර ගැනීම මෙරට තුළ අණ පනත් විශාල සංඛ්‍යාවක් තිබුණද පසුගිය කාලයේ පැවති දේශපාලන සංස්කෘතිය මගින් එම පනත් සහ නීති රෙගුලාසි අභිබවා දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි පරිසර විනාශයන් සිදු කළ බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.

පරිසර පරිසරය විනාශ කිරීම සඳහා වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පසුගිය වසර දෙක කාලය තුළ ලැබූ ප්‍රධානම ජයග්‍රහණය බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

https://sinhala.adaderana.lk/news/226629

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here